ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය. ඒ හා සමාන්තරව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව හා එතෙක් ණය…
Read MoreCategory: trending articles
‘මර්දනය’ සහ පුරවැසි වගකීම
මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන් රනිල් පැන්නීමටය. දැන් ‘අරගලයේ’ පියා බව පෙනෙන සරත් ෆොන්සේකා අගෝස්තු 9 දින පැමිණ වත්මන් ආණ්ඩුව ද පන්නා දමන්නැයි තම අරගල ‘දරුවන්ගෙන්’ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. එසේ පැන්නීමෙන් පසු රටේ නායකත්වයට පත්විය යුතු හොඳම පුද්ගලයා ඔහුට…
Read Moreආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්යග්රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි. දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ වෙනත් විවිධාකාරයේ කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ අරගලවලින් අපි ස්වයංපෝෂිත වූවාය. මේ අතරින් අපට කිසිදා අමතක කළ නොහැකි ආකාරයේ අරගලයන් මතකයේ තිබේ. ඒ අතරින් 1971 ඇරඹි දකුණේ තරුණයන්ගේ සන්නද්ධ අරගලය, 1980 මහා වැඩවර්ජනය, 1988/89…
Read Moreරනිල් එක්ක තරහ ඇයි ?
බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්රවණතා පිළිකුල් කිරීමෙනුත් අපට පුළුවන් පොරවල් වෙන්න. අපට බැරි පුළුවන් ඒව මොනව වුණත්, අපි විෂම ලිංගික පිරිමිය කිව්වාම තියෙන ගැම්ම කොහොමද, නේ! රනිල්ගෙ නෝන ලස්සනයි. උගත්. බුද්ධිමත්. සංස්කෘතිකයි. අපට ඉතින් එහෙමම අය නෑනෙ. ලස්සන තිබුණොත් වෙන මොකක්හරි…
Read Moreජනාධිපති විය යුත්තේ ඩලස් ය
හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්; ගෝඨාභය පන්නන මට්ටමේ දේශපාලන අර්බුදයක් ආවෙත් ඒ ආර්ථික අර්බුදය නිසයි; ඉතින් ජනාධිපති විය යුත්තේ ආර්ථික අර්බුදයට විසඳුමක් තිබෙන කෙනායි. ඒක තමයි ඒ තර්කය. නමුත් ඒ අදහස වැරදියි. ආර්ථික අර්බුදය නිසා මේ මට්ටමේ දේශපාලන අර්බුදයක් ඇති වුණා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේ දේශපාලන අර්බුදයට ස්වයං පැවැත්මක් තියනවා. තවත් විස්තර කළොත්,…
Read Moreවිප්ලවයේ අවසානය කුමක්ද?
එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන සංසිද්ධියක් ලෙස ක්‍රියා කලේය. අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ අළුත් කෙනෙකු නොවේ. හොඳටම පරණ කෙනෙකි. ඔහු මේ ධුරයට පත්වන හයවන අවස්ථාව වන අතර සමහර විට එම විෂයේ දී තබන නව ලෝක වාර්ථාවක් ද විය හැකිය. ඔහුට එරෙහිව එල්ල කල හැකි බොහෝ විවේචන තිබුණ ද වර්තමානයේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතර සිටින දැනුමෙන් හා පලපුරුද්දෙන් ද ජාත්‍යන්තරය සමග වැඩ කිරීමට…
Read Moreජයග්‍රහණය ගැන කෙටියෙන්
ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමය දූෂණ විරෝධී පැලැස්තර දමා රැකගන්නට උත්සාහ කරන බලවේගයක්. ඒක ශක්තිමත් වීම අවදානමක්. ඒ වගේම, සිංහල බෞද්ධ විරෝධී බලවේග මෙහි පෙරමුණ ගැනීම ඊළඟ වටයේදී තද ජාතිවාදයකට හේතු වෙනවා. ලංකාව ජාත්‍යන්තර බල දේශපාලනයට තීරණාත්මක ලෙස ඇතුළුවෙලා තියෙන බව තේරුම්ගැනීම වැදගත් වේවි. තවත් යුක්රේනයක් නොවෙන්නට නම්,…
Read Moreගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියට බාලගිරි දෝෂය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ. ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළා. ඊයේ රාත්‍රියේත් කථානායකවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යාමට නියමිත බැවින් එරටට ළගා වූ පසු ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත යොමු කරන බව දන්වා ඇති බවයි. ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර…
Read Moreජනගත කළ ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’
විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් ක්‍රියාකාරී සැලැස්මක් ද ජනගත කිරීමට කටයුතු කළා. ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජය වහාම ඉල්ලා අස්වීම මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙලක් සැකසීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට අයත්. ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’ “අංක එක.. ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. අංක දෙක. රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතුය.” “කැබිනට්, කැබිනට් නොවන සියලු අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්යක්ෂවරු, උපදේශකවරු, සංස්ථා සභාපතිවරු, තානාපතිවරු ඉල්ලා…
Read Moreමං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!
2020 මුල මං බණ්ඩාරගම ඉඩමක් ගත්තා. ටවුමට කිලෝමීටරයයි. මං බණ්ඩාරගම තියෙන පුළුල්, තැනිතලා අවකාශයට, ටවුම වටේ තියෙන ජලාශවලට කැමතියි. අපි පදිංචිය මාරුකරන්න හිටියෙ එහෙට. ඒත්, කොරෝනා පිස්සුව යද්දි මට දැනුණා රට ආර්ථික වශයෙන් අනාථ මාවතේ කුණාටු සාගරේ බව. මට බණ්ඩාරගම ගේ හදන්න වෙන්නෙ නැති බව. එහෙම හිතුවෙ සිමෙන්ති කොට්ටෙ රුපියල් අටසීයක් වෙන්නත් කලින්. ඒත්, ඒ වෙනකොට අපි මුලින් හදපු ගමේ ගෙදර එපාවෙලා තිබුණෙ. ඊට වඩා පහසු තැනකට යන්න ඕනැ කියල තීරණය කරලයි තිබුණෙ. ඒ නිසා මං 2021 මුල මතුගම – කලුතර පාරෙ පොදු ප්‍රවාහනයට ඉතා පහසු තැනක බාගෙට හදපු ගෙයක්…
Read More