ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි

ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.

ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි
|

ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි

චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි. එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති…

රුසියාවෙන් යුක්රේනයට රතු එළියක්

රුසියාවෙන් යුක්රේනයට රතු එළියක්

රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියානු හමුදාව එරෙහිව භාවිත කළහොත් රුසියාවට තමන් සතු පොකුරු බෝම්බ භාවිත කිරීමටද අයිතියක් තිබෙන බව ජනාධිපති පුටින් එහිදී පවසා ඇත.

වීඩියෝ ගේම් සඳහා බද්දක්
|

වීඩියෝ ගේම් සඳහා බද්දක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…

අමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්

අමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්

ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අමෙරිකාවේ “Barbie” චිත්‍රපටයට වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ…

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ
|

රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 40කට වැඩි පිරිසක් රෝහලේ

යුක්රේනයේ අවන්හලක් සහ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කර රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල වු එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අවන්හල තුළ පුද්ගලයින් 80දෙනෙක් පමණ සිට ඇති අතර එයින් 40දෙනෙක් පමණ තුවාල…

දැවැන්ත යුද නෞකාවක් කොළඹට
|

දැවැන්ත යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘IKAZUCHI (DD-107)’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරායට සේන්දු වු ‘IKAZUCHI (DD-107)’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. මෙම ජපාන යුද නෞකාව දිගින් මීටර් 150.5 ක් වන අතර නැව්මුළුව 207ක ගෙන් සමත්විත වේ.

රුසියාව තවත් රටකට තර්ජනයක් වෙයි
|

රුසියාව තවත් රටකට තර්ජනයක් වෙයි

ස්වීඩනයට එරෙහිව රුසියානු හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි තර්ජනයක් බව ස්වීඩන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කමිටුව වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ස්වීඩනයේ රාජ්‍ය රූපවාහිනි සේවාව ඊයේ (18) ඒ බව අනාවරණය කළේ ස්වීඩන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමිනි. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ස්වීඩනය ද නේටෝ සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයඳුම්කළ අතර රටේ ආරක්ෂක හමුදා…

රුසියාව යටතේ පැවැති නගර 03 යුක්රේනය යලි අල්ලයි
|

රුසියාව යටතේ පැවැති නගර 03 යුක්රේනය යලි අල්ලයි

රුසියාවට එරෙහිව ආරම්භ කළ ප්‍රතිප්‍රහාරවල පළමු ජයග්‍රහණය අත්පත් කර ගත් බව යුක්රේනය පවසයි. ඒ, යුක්රේනයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ රුසියානු හමුදාව යටතේ පැවැති ගම්මාන 03 ක් මුදා ගැනීමෙන් අනතුරුවයි. ඩොනෙට්ස්ක් ප්‍රදේශයට යාබද බ්ලහොඩට්නේ සහ නෙස්කුච්නේ මෙන්ම මකරිව්කායන ප්‍රදේශ යුක්රේන හමුදාව විසින් එලෙස අත්පත් කර ගෙන තිබේ. එම ප්‍රදේශවල බලය අල්ලා ගැනීමෙන් අනතුරුව යුක්රේ හමුදා ජය සමරන…

සුළිකුණාටුව චණ්ඩ වෙයි
|

සුළිකුණාටුව චණ්ඩ වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි. කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත. බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ…