contaniar

කන්ටේනර් නිදහස් කිරීමට ඩොලර් මිලියන 50ක්

වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව කන්ටේනර් නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් රජයේ බැංකු දෙකක් වෙත නිදහස් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

harin
|

හරීන් රෝහල් ගත කෙරේ

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල් ගත කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්. මන්ත්‍රීවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මිට මාස කිහිපයකට පෙර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෘද වස්තුව ආශ්‍රිත සැත්කමකට භාජනය කරනු ලැබුවා. වාර්තා වන පරිදි පෙර සිදුකළ…

winds

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහලට

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 35 ත් 40 ත් දක්වා වැඩි විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසු…

rangajeewa

මුල්ලේරියාව සභාපති රංගජීව කොරෝනාවෙන් මරුට

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව සඳහන් වෙයි.

dalas
|

ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි

පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ව ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී කණගාටුව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන…

RTI Right to Information Act තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යනු කුමක්ද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම

තොරතුරු එන්නත සහතික කිරිම

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන මැයෙන් සැමරුම් උළෙලක් හා සජීවි සංවාද මණ්ඩයක් සංවිධානය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී ඇති කරගත් 38C 57 යෝජනා සම්මතය අනුව තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය සෑම වසරකම අදට…

casalri
|

තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම…

dr.padeniya
|

එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින්…

vehicles imported to Sri Lanka අලුත් වාහන වාහන ආදායම් බලපත්ර අලුත් වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම online වාහන ආදායම් බලපත්ර අලුත් කිරිම වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු 2024 වාහන ආදායම් බලපත්ර අලුත් කිරිමේ ගාස්තු වාහන ලයිසන් අලුත් කිරීම වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම වාහන අලුත් වැඩියාව
|

ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත…