oil

ඉතිහාසගතව වැඩි වූ ඉන්ධන මිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල  (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇත. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ. පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254) පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283) ඩීසල් – රු.55…

kamapacket

කෑම පැකට්ටුවටත් ආණ්ඩුව කල දෙයක්

කෑම පැකට්ටුවක මිල රුපියල් 30 කින් හෝ 50 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සදඟන් කළේය.

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ
|

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ

ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ. මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින්  මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

මැතිසබයට ’’IOස’’ එයි

මැතිසබයට ’’IOස’’ එයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය. පෝස්ටරයේ එම ලාංඡනයේ “I.O.ස” යනුවෙන් සටහන්ව තිබිණ.

bread

පාන් මිල නැවතත් ඉහළට

පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි. අද  පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි.

oil

ඉන්ධන මිල යළිත් ඉහළට

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇත. ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්‍රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි. ලෝක වෙළඳපොලේ ද…

Women's safety
|

ආණ්ඩුව ගන්නා තීරණ නිසා කාන්තාවන් අනාරක්ෂිත වෙයි

විදුලිය පිරිමැසීමට වීථී ලාම්පු නිවා දැමීම කාන්තාවන්ගේ ආරක්ෂාව ඇතුළු තවත් සමාජ ගැටලු රැසකට මුල් විය හැකි බව විද්වතුන් රැසක් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කාන්තා හා ළමා අපයෝජන සංඛ්‍යා දත්ත සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බවත්, වීථී ලාම්පු නිවා දැමීමෙන් මෙම තත්ත්වය තවත් නරක අතට හැරී යන බවත් විද්වතුන් පෙන්වා දෙනවා. දිවා…

supiri

සුපිරි අවන්හල් වලත් කෑම නැති වෙයි

ගෑස් හිඟය හේතුවෙන් මේවන විට කොළඹ හෝටල් හා අවන්හල් වල ආහාර පිසීම විශාල වශයෙන් සීමා කර ඇති අතර ඇතැම් අවන්හල් හා බේකරි ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා ඇත. ගෑස් හිඟය හේතුවෙන් හෝටල් හා අවන්හල් පරිපාලනය විසින් සිය සාමාජිකයන්ට නිවේදනයක් නිකුත්කරමින් දන්වා ඇත.  

money
|

විදෙස් මුදල්වලට දැන් ගෙවන ගණන් මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම්  සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. *බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා *කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා *ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා *කටාර් රියාල් – රු. 55.30…

ukren

ඉන්දියාව සමග බැරි නිසා මෙරට යුක්රේන කාර්යාලයක් ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාව තුළ යුක්රේන තානාපති කාර්යාලයක් තාවකාලිකව ස්ථාපිත කිරීමට එකඟතාවට පැමිණ තිබේ. ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා යුකේ‍්‍රන තානාපති කාර්යාලය හරහා මෙරට සිටින යුක්‍රේන ජාතිකයන්ගේ වීසා ගැටලු ප්‍රමුඛ සෙසු ප්‍රශ්න විසඳීම අපහසු කරුණක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.