පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ ජනතාවගෙන් 5න් එකකට පමණයි
නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 5න් එකක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක්ම ආහාර සදහා වියදම් වන බවත් අනාවරණ වී තිබෙනවා. ඒ, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදීයි. එම අනුකමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා….









